Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Responsive Advertisement

8 Parts of Speech




English කතා කරද්දී නැතුවම බැරි කරුණු 08 ක් .අපි අද කථා කරන්න යන්නේ English වල තියෙන  Parts of Speech ගැන. මීට ඉසේල්ලා Post එකෙන් කථා කලා වගේම English භාෂාවක් විදියට ගත්තම ,සමාන්‍යයෙන් English වල වචන මිලියන ගානක් තියෙනවා.මේ වචන අපිට පුළුවන් ඒවායේ තියෙන සමාන ලක්ෂණ වලට අනුව කොටස් 8 කට බෙදන්න (classify කරන්න ) පුළුවන්. මේ වචන වර්ගීකරණයට අපි කියනවා English වලදී Parts of Speech කියල.
1. නාම පද - Nouns
2. නාම විශේෂන - Adjectives
3. ක්‍රියා පද - Verbs
4. ක්‍රියා විශේෂන - Adverbs
5. නිපාත - Prepositions
6. සම්බන්ධක පද - Conjunctions
7. විශ්මයාර්ථ පද - Interjections
8. සර්ව නාම - Pronouns
එකින් එක වෙන වෙනම කථා කලොත්,

1. නාම පද  එහෙම නැත්නම් Nouns කියන්නේ පුද්ගලයෙක් .දෙයක් නැත්නම් කිසියම් ස්ථානයක් විස්තර කරන පදයක්.උදාහරණයක් විදියට 

Soldier (සොල්දාදුවා), Book (පොත), House (නිවස ) වගේ දේවල් අපිට ගන්න පුළුවන්.

2.නාම විශේෂන එහෙම නැත්නම් Adjectives කියන්නේ යම්කිසි නාමපදයක් විස්තර කරන වචනයක්.

Kind - කාරුණික
Young - තරුණ

Teacher කියන නාම පදය ගත්තොත් අපිට කියන්න පුලුවන් Kind teacher එහෙම නැත්නම් Young teacher කියල.

3. සිදු කරන දෙයක් හෝ සිදු වන දෙයක් ක්‍රියා පදයක් එහෙම නැත්නම් Verb එකක්  කියල කියන්න පුළුවන්. 
Run (දුවනවා ), write(ලියනවා ).

4. Adverb එකක් එහෙම නැත්නම් ක්‍රියා විශේෂණයක්  කියල කියන්නේ ක්‍රියා පදයක් විස්තර කරන වචනයක්.උදාහරණයක් විදියට speedily (වේගයෙන් ) කියන  Adverb එක ගත්තොත්,They are writing වක්‍යට ඉහත සඳහන් කරපු Adverb එක එකතු කරලා They are writing speedily (ඔවුන් වේගයෙන් ලියමින් ඉන්නවා ) කියල කියන්න පුළුවන්.

මෙතනදී තවත් වැදගත් දෙයක් තමය් අපිට අපිට පුළුවන් adjective එකක් adverb එකක් බවට පත් කරගන්න.
Kind (කාරුණික) කියන  Adjective එක අපිට adverb එකක් කරන්න පුළුවන් Adjective එක අගට ly හෝ ily එකතු කරලා.
Kind - Kindly
speed - speedily
Stupid - stupidly

5. Preposition (නිපාත) කියල කියන්නේ නාම පද හෝ සර්ව නාම පද සමග භාවිතා වන, ඒවා අතර සම්බන්ධයක් පෙන්වන පද වේ.

In - ඇතුලේ
On - මත/උඩ/ගැන
About - ගැන/පමණ

6. Conjunctions (සම්බන්ධක පද) වාක්‍ය අතර වගේම සමහර විට වචන අතර සම්බන්ද ගොඩ නගන වචනයි.

Because - නිසා (I love you because you love me.)
While - අතරතුර

7.  විශ්මයාර්ථ පද (Interjections) කෙනෙකු දුක හිතුන විට එහෙම නැත්නම් පුදුම උනාම ප්‍රකාශ කරන විශ්මය දනවන පද Interjections වේ.
Oh! - අනේ !
Bravo! - නියමයි!
Superb - එලකිරි

8. නාම පද වෙනුවට අපිට use කරන්න පුලුවන් වචන තමයි Pronouns. උදාහරණ විදියට,
I - මම
We - අපි
He - ඔහු
She - ඇය
You - ඔබ/ඔබලා

තවත් පාඩමකින් නැවත හමුවෙමු.

Post a Comment

0 Comments